Future Scientist

Future Scientist

We are trying to building a Scientific Culture through Science Fiction: Unleashing the Imagination for future Innovators”

Welcome to the Future Scientist Web Page, where we embark on a journey to cultivate a vibrant scientific culture through the lens of science fiction. In a world brimming with technological marvels and boundless possibilities, the combination of science and imagination is paramount.
Science fiction serves as a portal to the future, igniting curiosity and inspiring innovation. By exploring speculative realms, we stimulate critical thinking and problem-solving skills essential for budding scientists. Through captivating narratives and visionary concepts, we transcend the boundaries of the known universe and dare to envision the extraordinary.
At Future Scientist, we embrace the transformative power of storytelling to foster a deep appreciation for scientific inquiry. From envisioning interstellar travel to contemplating the ethical implications of AI, science fiction propels us into uncharted territories, fueling our quest for knowledge and discovery.
Join us as we harness the creative potential of science fiction to shape tomorrow’s scientific landscape. Let’s embark on an odyssey of exploration, where the boundaries between fiction and reality blur, and the possibilities are as limitless as the cosmos itself. Together, we’ll unlock the secrets of the universe and pave the way for a future guided by innovation, curiosity, and wonder.

space-time image & parallel universe

The revitalized art gallery is set to redefine cultural landscape.

Future Scientist වෙබ් පිටුව වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා.

විද්‍යාත්මක චින්තනය මත පදනම්වන විද්‍යාත්මක සංස්කෘතියක් බිහිකර ගැනීම අරමුණු කරගෙන මෙම වෙබ් පිටුව ක්‍රියාත්මක වේ. ඒ සඳහා විද්‍යා ප්‍රබන්ද සිනමාව, සාකච්චා, සම්මන්ත්‍රණ, සංවාද, වැඩමුළු සංවිධානය කිරීම මගින් අපගේ අරමුණු වෙත යාමට අප අපේක්ෂා කරමු.

Science fiction Films

බොහෝ දැනුම් පද්දතීන් ආසියාව සතුව පැවතුනද ඒවායේ විසංගත භාවයත් ව්‍යාකුල භාවයත් නිසා ඒවායේ ප්‍රායෝගිකත්වය ඉතා අල්ප වේ. න්‍යායන් ටොන් ගණන් ඇතත් භාවිතය ඖන්සයක්වත් නැති තරම් වේ. ආසියානු දැනුම් පද්ධතීන්ගේ ඓතිහාසික විකාශයේ පවතින අසන්තතිකත්වයත් නිශ්චිත ආකෘති නොමැති වීමත් නිසා එම දැනුම විකාශනය වීම වෙනුවට විසිර යාමක් සිදුවී ඇත.

භෞතික විද්‍යාවේ ක්වොන්ටම් සුසමාදර්+ශ වෙනසත් සමග (paradigm shift ) කාටිසියානු තාප්පය (Cartesian wall ) බිඳ වැටුණි. Albert Einstein ගේ සාපේක්ෂතාවාදී සංකල්පයත් සමග විශ්වය ආගමික සංස්ථාවෙන් මුදවාගෙන භෞතික පද්දතියක් ලෙස තහවුරු උවද එමගින් මිනිස් චින්තනය තවත් වන්කගිරියකට ඇද දමන ලදී. මෙමගින් ගෝලීය විද්වතුන්ගෙන් සමහරෙක් ස්වකීය දෘඪ විද්‍යාවන්ගෙන් (Natural / Hard sciences ) අපගමනය වී ගුඪ හා ආගමික චින්තයන් පසුපස හබා යන්නට විය. එහෙත් අංශු භෞතික විද්‍යාවේ (particle physics ) සිදුවු ශිග්‍ර වර්ධනයත් (Aggressive development ) සමග Quantum Tunneling Mechanism, Floating Gate වැනි භාවිතයන් Artificial intelligence දක්වාත් ඉන් ඔබ්බටත් දියුණු වෙමින් පැවතීම හේතුවෙන් ආගමික චින්තනයන් පසුපස හබායමින් තිබූ රැල්ල තුනී වී යන්නට විය.

ලාංකේය සංස්කෘතිය තුල අප බටහිර විද්‍යාවන් කෙතරම් ඉගෙන ගත්තද අපට සෛධාන්තික පදනමෙන් යම් සොයාගැනීමක් හෝ නිර්+මාන කළ නොහැක්කේ මන්ද ? බටහිරයන් සොයාදෙන යමක් ඉතා දක්ෂ ලෙස අප භාවිතා කළ ද සාපේක්ෂතා වාදයට යම් සංශෝධනයක් කිරීමට හෝ එය අසත්‍ය කරණයට (falsification) ලක් කිරීමට හෝ ක්වොන්ටම් ලෝකයේ සමමිතිකතාවයක් ගැන හෝ සමමිතිකතාවයේ යම් බිඳ වැටීමක් පිළිබඳව හෝ සොයා ගැනීමක් සිදු කිරීමට අප හට නොහැකි වීමට ප්‍රධානම හේතුව වන්නේ අප බටහිර ගණිතය හා බටහිර විද්‍යාවන් ඒවායේ දාර්+ශනික පදනමින් හැදෑරීමක් සිදු නොකරන නිසාවෙනි. අප රටෙහි බටහිර යුක්ලිඩිය කාටිසියානු ගණිතය ඉගෙනගන්නා අයට වඩා කලා විෂයන්ගෙන් තර්+ක ශාස්ත්‍රය හදාරන්නන්ට තර්+කන හැකියාව වැඩිබව පෙනේ.

යුක්ලිඩිය කාටිසියානු බටහිර ගණිතයේ අති මූලික පදනම කුමක්ද?

අප බටහිර ගණිතය ඉතා හොදින් ඉගෙන ගත්තද අපට ස්වභාදහම විග්‍රහ කිරීමට වියුක්ත ලෝකයේදී ගණිතමය චින්තනය භාවිතා කිරීමට නොහැක්කේ මන්ද?

බටහිර ගණිතයේ ඇති මුලික පදනම සමානතා (is equal to) සංකල්පය හා සමමිතිකතා සංකල්පයයි (concept of symmetry ) යන්නයි. ඔබ ChatGPT ගෙන් ඇහුවද මෙම පිළිතුර ලැබෙන්නේ නැත. මන්ද ChatGPT තවමත් එතරම් දාර්+ශනික වී නොමැත. සමානතා සංකල්පයනම් ඔබට ගණිතයේ සෑම තැනකදීම සංකේතයක් ලෙස හමුවේ. ( = )
මින් අදහස් වන්නේ යමක් එයටම සමාන බවයි.
A = A
B = B
පොල් ගස = පොල් ගස
සරළව ගතහොත් , 12+ 8 = 5+ x නම් අපට x හි අගය 15ක් ලෙස පහසුවෙන් සොයාගත හැක. මේ අනුව අපට සමානතාවය භාවිතා කර නොදන්නා දෙයක් සොයාගත හැක. දෛනික ලෝකයේදී අප මෙවැනි තර්+කයන් මෙන්ම මීටත් වඩා සියුම් තර්+ක භාවිතා කරති. ගර්+භ+නි භාවයක් දැකීමෙන් මෛතුනයක් සිදුව ඇති බව අප නිගමනය කරමු. වලාකුළු සහ සුළඟ අනුව අප වැස්ස නිගමනය කරමු. මෙවැනි තර්ක අප ගොඩ නඟනු ලබන්නේ පොදු දැනීම හා පොදු අත්දැකීම් පදනම් කර ගෙනය. මෙහිදී ද අවස්ථා සමාන කර ගැනීමක් අප මනසින් සිදු කළද අප වියුක්ත විෂයන් තුල මෙම සමානතාවය යන ගණිත සංකල්පය පුහුණුවී නැත.

එලෙසම සමමිතික තාවයද වියුක්ත විෂයන් වලදී භාවිතා කිරීමට අප පුහුණු කර නැත. ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් පිහිටා තිබෙන තරුවක් නිරීක්ෂණය කිරීමේදී එහි චලිතයේ යම් අසමතුලිත තාවයක් නිරීක්ෂණය කිරීමෙන් අපට එය වටා භ්‍රමණය වන අපට නොපෙනෙන කුඩා ග්‍රහලොවක් සම්බන්දව නිගමනය කල හැක. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල දෙවියන් විසින් මවන ලද සියල්ල සමමිතික වේ. මිනිසා ද්විපාර්+ශවිකව සමමිතික වේ. පෘථිවිය බහුපාර්+ශවිකව සමමිතික වේ. ශාක පත්‍ර බොහෝවිට සමමිතික වේ. එහෙත් ඇතම් ශාක පත්‍ර මෙන්ම ඇතැම් පද්ධතින්ද අසමමිතික වේ. යුදෙව් ක්‍රිස්ත්යානි චින්තනයට අනුව මෙම පද්ධති කවදා හෝ සමමිතික තාවය අත්කරගනී. එතෙක් ඒවා විකෘති පද්ධති වේ. පරමාණුක න්‍යෂ්ටිය තුල ඇතැම් ක්වොන්ටම් අන්ශුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට මෙම සමමිතිකතා සංකල්පය බෙහෙවින් වැදගත් විය.